එක්සත් ජාතික පක්ෂ පැරිස් සංවිධානය මගින් ප්‍රථම වරට සංවිධානය කරණු ලැබූ "යුරෝපා ගී තරු සැන්දෑව" පසුගිය ඉරු දිනක පැරිසියේදී පැවැත්විය. කිසිම දේශපාලන අරමුණකින් තොරව තම සංවිධාන ශක්තිය පමණක් පෙරදැරි කරගෙන පැවැත්වූ මෙම අවස්ථාවට ප්‍රංශයේ, ඉතාලියේ, ග්‍රීසියේ, එක්සත් රාජධානියේ විවිධ ගී තරු තරඟ වලින් ජයග්‍රහණ කල ජයග්‍රාහකයන් සහ ජයග්‍රාහිකාවන් එකම වේදිකාවකට ගෙන එමින් ඔවුන්ගේ ගායන කුසලතාවයන් ලොවට ඉදිරිපත් කිරීම සිදුවිය.
"සරසවි රංග නිකේතනයේ" දැරියන්ගේ නැටුම් වලින්ද පෝෂණය වූ මෙම ප්‍රසංගයේදී විශේෂ අවස්ථාවක් වුයේ ප්‍රවීණ මාධ්‍යවේදී සහ ගීත රචක "මංජුල වෙඩිවර්ධන" ගේ රචනයෙන් සහ ප්‍රවීණ සංගීතවේදී "දර්ශණ රුවන් දිසානායක" ගේ සංගීතයෙන් එළිදැක්වූ "බොන්ෂු කියාගෙන" ගීතයය. මෙයට ගායනයෙන් සරත් වලවේමුනි, හෂිනි නවෝදා, තිලංක කුමාර, මල්ෂා ප්‍රියංගනී එක්විය.
ප්‍රසංගයේ විශේෂත්වය වූයේ පැරිසියේ සියළුම සංවිධාන සහ දේශපාලන පක්ෂවල නියෝජිතයින් සහභාගී වීමය. මෑත කාලයේදී එවන් අවස්ථාවක් නොදුටු අතර මෙය සංවිධායකයින් ලද ජයග්‍රහණයක් ලෙස හුවා දැක්විය හැක්කේ ඔවුන්ගේ තේමාව වූ "දේශපාලනයෙන් තොර සමාජ සත්කාරය" එමගින් මනාවට පිළිඹිමු වීමය.
යුරෝපයේ අනෙකුත් රටවලින්ද ගායක, ගායිකාවන් සහභාගී කරගෙන ලබන වසරේ සිට වාර්ෂිකව මෙම තේමාව යටතේ ප්‍රසංගයක් ඉදිරිපත් කරන බව එම සංවිධානයේ සභාපති අජන්ත කල්දේරා මහතා වැඩිදුරටත් පැවසිය.
සටහන - අජිත් පෙරේරා
ඡායාරූප අනුග්‍රහය - රෙක්ස් හෙට්ටිආරච්චි සහ ප්‍රදීප් ප්‍රනාන්දු
Post a Comment