රුවන්ති මංගලාට හා ජින්ජර් වයිට් හට නාම යෝජනා ලබාදෙන ලෙසට අධීක්‍ෂණ මන්ත්‍රි දුමින්ද සිල්වා මහතා පක්‍ෂයේ නාම යෝජනා මණ්ඩලය වෙත ලිපියක්ද ඉදිරිපත් කර තිබිණි.
නමුත් එක්සත් ජනතා නිදහස් සන්ධාන ජේයෂ්ඨයන්ගෙන් පක්‍ෂ සාමාජිකයන්ගෙන් හා සමාජයෙන් දිගින් දිගටම මෙම නිළියන්ගේ ක්‍රියා කලාපය දැඩි දෝෂ දර්ශනයට හා විවේචනයට ලක් කරමින් කිසිදු දේශපාලන අවබෝධයක් නොමැති මෙවැනි සුකිරි බටිල්ලන් වෙනුවෙන් නාමයෝජනා ලබාදීමට එරෙහිව දැඩි විරෝධයක් එල්ල වීම මෙසේ ඔවුන්ට ශ්‍රී ලනිපයෙන් නාම යෝජනා නොලැබීමට හේතුවී ඇති බව පැවැසේ.

එවැනි වාතාවරණයක් යටතේ එම නිළියන්ට නාමයෝජනා ලබාදීම ප්‍රතික්‍ෂේප කිරීමට කටයුතු කළ බව ශ්‍රී ලනිප ජේයෂ්ඨයෝ සඳහන් කර සිටිති.
දේශපාලන අවබෝධයක් නොමැති තරුණ නිළියන් හට සමාජයෙන් ආ විරෝධය හමුවේ නාම යෝජනා ලබා නොදීමට ශ්‍රී ලනිපය කටයුතු කළද එජාපය එය තඹයකට මායිම් නොකරමින් දකුණු පළාත් සභාව සඳහා තරග වැදීමට තවත් නිළියක් වූ අරන් මරක්කලගේ නදීශා හේමමාලි හට නාම යෝජනා ලබාදීමට කටයුතු කළේය. එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි රුවන් විජයවර්ධන මහතා අතින් නදීශා හේමමාලි පක්‍ෂයේ සාමාජිකත්වය ලබා ගැනීමටද කටයුතු කළාය.
Post a Comment