කලුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම අද පෙරවරුවේ පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී බීමතින් පැමිණ කලහකාරී ලෙස එම ස්ථානයේ හැසිරී ඇත.
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකිර්ණයේ කමිටු පැවති මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී පාලිත තෙවරප්පෙරුම විපක්ෂ නායකවරයා ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ට බැන වැදී ඇත්තේ මතුගම ආසනයෙන් බස්නාහිර පළාත් සභාවට ඉදිරිපත් කල තෙවරප්පෙරුම ගේ පුතුට නාම යෝජනා ලබාදීමේ ගැටළුවක් සම්බන්ධවය.
නමුත් පක්ෂ නායකත්වය විසින් තෙවරප්පෙරුමගේ බිරිඳටද නාමයෝජනා ලබා දී තිබුණි. එවන් වටපිටාවක බීමතින් පැමිණි තෙවරප්පෙරුම ආවේගශීලි වාග් ප්‍රහාරය අවසානයේ රනිල් වික්‍රමසිංහට පහරදීම සඳහා ඉදිරියට පැමිණ ඇත.
එම අවස්ථාවේ එහි සිටි රන්ජන් විසින් විපක්ෂ නායකවරයාට පහරදීම වලකා ඔහුව එම ස්ථානයෙන් ඉවත්කොට ඇත. ඉදිරියේදී ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයක් පවත්වා වැරදිකරු වුවහොත් පක්ෂයෙන් නෙරපා දැමීමට කටයුතු යොදනු ඇතිබවට වාර්තා වේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් තෙරුමරප්පෙරුම පවසන්නේ ස්ත්‍රී දූෂකයෙකුට එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා දීමට තමන් විරුද්ධවීම නිසා මෙම කලහකාරී තත්ත්වය ඇතිවූ බවයි.
"මම එක්සත් ජාතික පක්ෂයේ මතුගම ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා. මට සම්පූර්ණ බලතල දීලා තියෙන්නේ. මේ බස්නාහිර පලාත් සභා මැතිවරණයේදී මතුගම ආසනයෙන් දාපු එක පුද්ගලයෙක් සම්බන්ධයෙන් මගේ තිබුණා ඔබ්ජෙක්ෂන් එකක්.
ඒ පුද්ගලයා සබරගමුවේ අපි නවත්තපු ගේක ගෑණු ළමයව රේප් කරලා ඒ ගෑණු ලමයා වස බීලා මැරුණා. ඒ නිසා මේ පුද්ගලයා එක්සත් ජාතික පක්ෂයෙන් දාන්න එපා කියලා මම ඔබ්ජෙක්ෂන් දදා ඉද්දී මගෙන් අහන්නේ නැතුව එක්සත් ජාතික පක්ෂයෙන් නොමිනේෂන් දීලා.
නිමිනේෂන් වලට මගේ පුතාවත් දැම්මා. මේ ගොල්ලන්ට නොමිනේෂන් දෙනවා නම් මම මගේ පුතාවත් ලිස්ට් එකෙන් අයින් කරනවා. මගේ පුතා මේගොල්ලෝ එක්ක ජන්දේ ඉල්ලන්න දාන්න සදාචාරවත් අයිතියක් නෑ.
මේ පුද්ගලයා දාපු එක නොමිනේෂන් බෝඩ් එක දන්නෙත් නෑලු, නායකතුමා දන්නෙත් නෑලු, එහෙම තියෙද්දී මම ඇහුවා නායකතුමාගෙන් මගේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්නේ කවුද කියලා. එහෙම අහද්දී නායකතුමා මට කෑගැහුවා. මම මගේ පුතා තරඟෙට දාන්නේ නෑ. මගේ පුතා මම දානවා හැබැයි මගේ ජාතකේ මම වෙනස් කරන්න ඕනේ."
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment