BREAKING NEWS

රටතොට

Monday, February 24, 2014

ප්‍රංශයේ " දුවිල් " ආසියානු සිනමා උළෙලට ලංකාවෙන් මාලනී


ආසියානු සිනමාව ඇගයීමට ලක් කෙරෙන යුරෝපයේ ප්‍රමුඛතම සිනමා උළෙලක් වන ප්‍රංශයේ "දුවිල් " සිනමා උළෙල මාර්තු 6 වෙනිදා සිට 9 වෙනිදා දක්වා පැවැත්වේ . 16 වෙනි වරට මෙවර පැවැත්වෙන සිනමා උළෙල සදහා ඇරයුම් ලැබූ විශේෂිත ආරාධිතයන් අතර සම්මානනීය නිලි මාලනී ෆොන්සේකාද වෙයි .
තායිවානයේ චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක් වූ තසායි මින් ලියන් සහ ජපානය නියෝජනය කරමින් හිදිඕ නකටා චිත්‍රපට අධ්‍යක්ෂකවරයාද ඇරයුම් ලබා සිටි . 
මාලනී ෆොන්සේකා විශිෂ්ථ රංගනයන් එක්කල ලෙස්ටර් ජේම්ස් පිරිස්ගේ  "නිධානය" ධර්මසේන පතිරාජගේ "බඹරු ඇවිත්" සහ ප්‍රසන්න විතානගේ " ආකාස කුසුම්" සිනමාපට  මෙහිදී ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
දුවිල් සිනමා උළෙලේ තරගකාරී අංශය වෙත දකුණු කොරියාව , පිලිපීනය ,කසකස්ථානය , චීනය , ඉරානය ,ඉන්දුනීසියාව , සහ ඉන්දියාව  නියෝජනය කරමින් සිනමාපට 8 ක් ඉදිරිපත්ව තිබේ .තරගකාරී අංශය වෙනුවෙන් සම්මාන පහක් ප්‍රදානය කෙරෙන අතර ප්‍රේක්ෂකයන්ගේ ජන්දයෙන් තෝරාගත් සම්මානයක්ද පිරිනැමේ . එය පසුගිය වසරේ සිට ඇරඹිණි .
ඊසාන දිග ප්‍රංශයේ නෝමන්දී කලාපයේ සුන්දර නගරයක් වූ දුවිල් හි මෙම ආසියානු සිනමා උළෙල ඇරඹියේ 1999 වසරේදී ය .
මේ සදහා සිය අනුග්‍රහය ලබා දෙන බව  ප්‍රංශයේ ශ්‍රීලංකා තානාපති කාර්යාලය නිවේදනය කර ඇත. ප්‍රංශයේ වත්මන් ශ්‍රීලංකා තානාපති මහාචාර්ය කරුණාරත්න හඟවත්ත 70-80 දශකයේ සිනමා රංගන ශිල්පියෙකි .ඔහු විවාහවී සිටින්නේ රාජපක්ෂ ආණ්ඩුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක් ද වන මෙම සිනමා උළෙලේ විශේෂ ආරාධිතයෙකු වූ මාලනී ෆොන්සේකාගේ නැගණියක් වන රසාදරී ෆොන්සේකා සමගිනි. ඇයද 80 දශකයේ ජනප්‍රිය රංගන ශිල්පිනියකි .
සටහන - අ.වී. 

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger