විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍යශයේ අමාත්‍යය ඩිලාන් පෙරේරාගේ ලේකම්වරියක වන අරුණි රණසිංහ විසින් විදේශයන්හි රැකියා ලබා දෙන බව පවසමින් අහිංසක මිනිසුන්ගේ මුදල් වංචා කොට ලංකාවෙන් කොරියාවට පලාගිය පුවත මේවන විට ප්‍රසිද්ධ රහසක්...
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඒ පිළිබඳව අමාත්‍යය ඩිලාන් පෙරේරා ගෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී විමසා සිටියා.
එම ප්‍රශ්නයෙන් අපහසුතාවයට පත් ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා කියා සිටියේ කිසිදු වගකිවයුතු ලියාපදිංචි මාධ්‍යයක මේ සම්බන්ධයෙන් කිසිවක් පලවී නොමැති බවත් පලවී ඇත්තේ මඩ වෙබ් අඩවියක පමණක් බවත්ය. මඩ වෙබ් අඩවියක පලවුව්වා වුවත් තමා ඒ පිළිබඳව පරීක්ෂණයක් සිදු කල බවත් එහිදී අරුණි නම් තැනැත්තිය කිසිදු වරදක් සිදුකොට නොමැති බවට හෙලිවුනි යැයි අමාත්‍යවරයා වැඩි දුරටත් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශකොට සිටියේය.
රන්ජන් රාමනායක හා ඩිලාන් පෙරේරා අතර අරුණි ගේ වංචාව සම්බන්ධව සිදුවුනු සංවාදය පහතින් බලන්න.
රන්ජන් රාමනායක :විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සේවය කල අරුණි නම් ලේකම්වරිය විදේශ රැකියා ලබාදෙන මුවාවෙන් ලක්ෂ ගණන් අල්ලස් ලබාගෙන එතුමිය අහුවෙලා..සල්ලි දුන්න අය විදේශ සේවා නියුක්ති කාර්යාංශය වටලලා, එතුමියට උසස්වීමක් හැටියට කොරියාවේ එම්බසි එකට යවලා කියලා මාධ්‍යය විසින් පලකරලා තිබුනා. ඇයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගත්තාද? ඇත්තෙන්ම කොරියාවට යැව්වාද? මොකද්ද වෙලා තියෙන්නේ ඇමතිතුමා?
ඩිලාන් පෙරේරා : කිසිම ලියාපදිංචි මාධ්‍යයක මේ පිළිබඳව පළවුණේ නැහැ. හරිම අසාධාරණයි වෙබ් සයිට් එකක තියෙන මඩක් මෙතන කියන එක. ගරු කතානායක තුමනි කිසිම වගකිවයුතු මාධ්‍යයක මේ පිලිබඳ වාර්තා කරලා තිබුනේ නැහැ. පොලිසි වල පැමිණිලි තිබුනෙත් නැහැ. අනිත් එක වෙබ් සයිට් එකක් මඩක් විදියට පලකලත් මම ඒ ගැන පරීක්ෂණයක් කළා.. කිසිම ආකාරයකින් එවනිදෙකට සම්බන්ධවෙලා කියල වාර්තා වුනේ නැහැ.
රන්ජන් රාමනායක : අරුණි සේවය කරනවාද? දැන් කොරියාවේද?
ඩිලාන් පෙරේරා: ඔබතුමා ප්‍රශ්නය අහන සමයේ සේවය කලේ නැහැ. දැන් එතුමිය සේවය කරනවා
රන්ජන් රාමනායක : කොහේද?
ඩිලාන් පෙරේරා: කොරියාවේ
රන්ජන් රාමනායක : ඇයි කොරියාවට යැව්වේ?
ඩිලාන් පෙරේරා: විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වැඩ කරන අයගේ සේවා පළපුරුද්දත් ඒ රටට යාමේදී ඒ රටේ භාෂාව කතාකිරීමේ පලපුරුද්දකුත් තියෙනවනම් අපි ඒ අයව ඒ රටවල් වලට යවනවා.
රන්ජන් රාමනායක : කිසිම වංචාවක් දුෂණයක් වෙලා නැහැ?
ඩිලාන් පෙරේරා: පැහැදිලිවම නැහැ කතානායකතුමනි. වෙබ්සයිට් වල මඩ ගහනවා. වෙබ්සයිට් වල මන්ත්‍රීතුමා අපිට විතරක් නෙවෙයි තමුන්නාසේලෙටත් මඩ ගහනවා..ඒ නිසා වෙබ්සයිට් වල තියෙන මඩ වලට පිළිතුරු නොදිය යුතු වුනත් මම ඒ ගැන පරීක්ෂණයක් කරලා බැලුවා කිසිම වංචාවක් වෙලා නැහැ.
එම සංවාදයේ වීඩියෝව පහතින් බලන්න
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment