BREAKING NEWS

රටතොට

Thursday, January 9, 2014

ජර්මනියේ අද්භූත වස්තුවක්...

පසුගියදා ජර්මනියේ Bremen ගුවන් තොටුපල අහසේ දක්නට ලැබුණු හඳුනා නොගත් පියාසර වස්තුවක් නිසා ගුවන් ගමන් කිහිපයකට බාධා එල්ලවී තිබෙනවා.

පසුගිය 6 වෙනිදා රේඩාර් තිරයේ සටහන්වූ මෙම අද්භූත වස්තුව කුමක්දැයි තවමත් හඳුනාගන නොමැති අතර සවස 6.30 සිට රාත්‍රී 9.30 දක්වා පැය තුනක පමණ කාලයක් අතරින් පතර රේඩාර් තිරයේ සටහන්වූ බවයි ගුවන් තොටුපල ආරංචිමාර්ග දන්වා සිටින්නේ.

එම අවස්ථාවේ ගමන් කරමින් තිබූ පොලිස් වාහන වල සිටි පොලිස් නිළධාරීන්ද රතු හා කොල පැහැයෙන් යුත් ආලෝක දල්වමින් තිබූ එම වස්තුව දැක තිබූ අතර එය කුමක්දැයි සොයාබැලීමට රාත්‍රී 8.45 ට පමණ හෙලිකොප්ටර් ගුවන්ගත කර තිබෙන නමුත් හෙලිකොප්ටර් වලට එවැනි වස්තුවක් සොයාගැනීමට හැකිවී නැහැ.

නමුත් ගුවන් තොටුපල පාලක මධ්‍යස්ථාන කුළුනේ සිට දුරදක්න ආධාරයෙන් නිරීක්ෂශණය කළ එය දක්නට ලැබුණු බවයි Weser Kurier පුවත්පත වාර්තා කර තිබුණේ.

මෙම සිදුවීම නිසා Frankfurt වෙත ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් ගමනක් අවලංගු කර Munich සිට පැමිණෙමින් තිබූ ගුවන් යානාවක් Hanover වෙත හරවා යවා තිබූ අතර Paris සිට පැමිණි ගුවන් යානාවක් ටික වේලාවක අහසේ නවතා තබාගැනීමටද සිදුවූ බවයි වාර්තා වෙන්නේ

මේ පිළිබඳව ජර්මනියේ රූපවාහිනී නාලිකා කිහිපයක් ගෙන ආ තොරතුරු .


Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger