BREAKING NEWS

රටතොට

Saturday, January 18, 2014

අපේ ස්ටාර්ස්

අපේ ස්ටාර්ස්
අප ලංකා නිව්ස් අවකාශය ඔස්සේ  අද පටන්  තවත් අළුත් විශේෂාංගයක්  ආරම්භ  කරන අතර එයට ඔබගේ සහභාගීත්වයද අප අපේක්‍ෂා කරන්නෙමු.



BannerFans.com
ලංකාවේ සුපර් ස්ටාර් තරඟ අද  වසංගතයකී..මේ සඳහා  ඉදිරිපත් වන්නන්  එස් .එම් .එස්  එවන්නට  යැයි ඉල්ලා  හිඟා නොකා හිඟා කති... මෙසේ තේරී එනවුන් අපේ අළුත් පරපුරට නම් ( පොරවල්‍ ය ) උන්  ගයන්නේ  අපේ රටේ  ප්‍රවීණ යන්  ගේ  ගීතය ...ඒවා රිසි සේ කති බොති විනාශ කර දමති  අවම වශයෙන්  ඒ මුල් ගායන පිරිසට ස්තූතියක්  හෝ නොකරති..
අප හට මතක අයුරු මෙම වසංගතය  ලංකාවට  බෝකරන  ලද්දේ  නීලේඳ්‍ර දේශප්‍රිය නැමැත්තායී   ඒ...2004 වසරේදී   සිරස ඔස්සේය....ඇමෙරිකන් අයිඩියල්  නම්වූ  රූපවාහිණී  වැඩසටහන  අමු අමුවේ  කළ කොපි කිරීමකී ...සියළු  ජනප්‍රිය දෑ  එසැණින්  කොපි කිරීමට   අපේ නිර්මාණ අනාථයන්  අති දක්‍ෂය...නමුත් හිතේ ඇති පෙරේත කමට කොපි කළද  ඒවා  මුල්  වැඩසටහන් මෙන්  ඉදිරිපත් කිරීමට  තබා ඊට අහළකින්  යාමට පවා බැරිය...
කෙසේ හෝ  මෙම  වැඩ සටහන  සිරසේ  ජනප්‍රිය වනවා දුටු   ස්වාධීන රූපවාහිණියේ    උපාලි රංජිත් ද  එය  කොපි කොට ඔහුගේ  නිර්මාණ බංකොළොත් භාවයද  පසක් කළහ...ඉන් පසු  ස්වර්ණවාහිනී,දෙරණ, ජාතික රූපවාහිණී  මේවායේ ඉන්නා  සියළු නිර්මාණ අනාථ කොටළුවන් විසින්  අර ස්ටාර් මේ ස්ටාර් ලෙසින් අපේ රට පුරා  සිටින  තරුණ පිරිස සහ රටේ ජනතාව තව තවත්  මෝඩ ලෙසින් ඇන්දවීමට කොපියෙන් කොපි බිහි කළහ ...අර  උඩට  නැංවූ  ස්ටාර්ලාට  එතනින්  එහාට යමක්  කර ගත නොහැකිව අසරණ අනාථ වී තිබේ ...තරුණියන් ඒ ලැබූ ජනප්‍රියතාව ඔස්සේ  ලොව පැරණි රැකියාව කොට හෝ තමා ඔසවා තැබූ ස්ථානයේ ක්ලාස් එක රැක ගන්නට මේ මොහොතේද  ස්ටාර් රති රංගන වල යෙදී සිටිනවා වන්නට ඇත...තරුණයන් ද තම ජීවිතයේ අරමුණක් නොමැතිව  මත් ද්‍රව‍්‍ය ව‍්‍යාපාරවලට  සම්බන්ධව සිටිති...අද කුඩා ළමුන් පවා මේ ස්ටාර් දැළට හසුකොට සිටිති...හැමතැනම ස්ටාර්ස් ලාය...
අපේ අයට හෙණ ආතල්‍ ය.රටම මහා ආශ්චෛර‍්‍යයකී...ලොක්කෝ රඟති, මැක්කෝ පනිති ,කිණිතුල්ලන්  සහ කූඩැල්ලන්  ලේ උරා බොති.ජනතාව අසරණය...අප ආරම්භ කරන්නට යන්නේ  සුපර්  ස්ටාර්ස්  ලා  බිහි කිරීම නම්වූ තවත් අමන වැඩක් නොවේ...
අද අප රටින් විතැන්වී  ජීවත් වන අපේ ඇත්තන් සතුව  විවිධ මතක සටහන්  විවිධ දක්‍ෂතා තිබෙන්නට  පුළුවන  එවන් දක්‍ෂතා කා සමගත්  බෙදා හදා ගන්නට  අවස්ථාවක්  ලබා දෙන්නටය...අප මෑතකදී ආරම්භ කළ   නාලකගේ  මතක වස්තු  තීරය  අද ඉතා  ජනප්‍රිය විශේෂාංගයකී...

අද අරඹන මේ විශේෂාංගයෙන් ප්‍රංශයේ  නීස් ප්‍රදේශයේ වෙසෙන  දිලිප් ගාල්ලගේ හිතවතාගේ ගායන හැකියාවන් ගෙන එන අතර  සතිපතා ඔහුගේ ගීත ඇසීමට ඔබටද අවස්ථාව ලැබෙනවා ඇත...එමෙන්ම දක්‍ෂතා
ඇති ඔබත් අප සමග  එක්වන්න  ...
ලංකානිව්ස්

  මෙතනින්  එම  විශේෂාංගයට පිවිසෙන්න
 BannerFans.com

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger