Monday, December 9, 2013
සබරගමුව මන්ත්‍රී තුවක්‌කු හරඹයක...
සබරගමු පළාත් සභා මන්ත්‍රී ඉඳුනිල් ශාන්ත ගුණසේන (එජනිස) විසින් තුවක්‌කුවකින් පහර දීම නිසා බරපතළ තුවාල ලැබූ පුද්ගලයකු මාවනැල්ල රෝහලින් කෑගල්ල රෝහලට මාරු කර එවා තිබේ.
ඔහු එම රෝහලේ 5 වැනි වාට්‌ටුවේ ප්‍රතිකාර ලබයි.
මෙසේ තුවාල ලබා ඇත්තේ මාවනැල්ල උපාලි මෝටර්ස් හිමි ඩී. උපාලි රණසිංහයි.
ඉකුත් සෙනසුරාදා (08 වැනිදා) රාත්‍රි අවමංගල්‍ය නිවසකට යැමට පාර ඇසීමට මන්ත්‍රීවරයාගේ නිවසට ගොස් කතා කිරීමේදී උරණ වූ මන්ත්‍රීවරයා ඔහුට වෙඩි තැබීමට සූදානම් වූ විට ඔහු සමඟ ගිය අයකු තුවක්‌කුව අල්ලාගත් බවත් පසුව තුවක්‌කු බඳෙන් පහර දීමේදී අතට හා කකුලට තුවාල සිදු වූ බවත් මන්ත්‍රීවරයා තමාගේ මෝටර් රියේ යතුර උදුරාගත් බවත් තුවාලකරු විසින් මාවනැල්ල පොලිsසියට පැමිණිලි කර ඇත.
මේ සම්බන්ධව මාවනැල්ල පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment