BREAKING NEWS

රටතොට

Monday, November 11, 2013

(බ්ලැක්‌ ලිස්‌ට්‌) ඇතුළත් කෙරුණු සමාගම් කිහිපයක්‌ මාස හයක්‌ ගත වීමටත් පෙර එම ලේඛනයෙන් ඉවත් කිරීමට


තත්ත්වයෙන් බාල හා කල් ඉකුත් වූ බෙහෙත් වර්ග රජයේ රෝහල්වලට සැපයීම හේතුවෙන් අසාදු ලේඛනයට (බ්ලැක්‌ ලිස්‌ට්‌) ඇතුළත් කෙරුණු සමාගම් කිහිපයක්‌ මාස හයක්‌ ගත වීමටත් පෙර එම ලේඛනයෙන් ඉවත් කිරීමටත්, තවත් එවැනි සමාගම් කිහිපයක්‌ අසාදු ලේඛනයට ඇතුළත් කිරීමෙන් වැළකීමටත් සෞඛ්‍ය බලධාරීහු මෙම වසරේදී ක්‍රියා කර ඇතැයි සෞඛ්‍ය වෘත්තීය සමිති චෝදනා කරයි.


වසර 20 කට පමණ පෙරදී තත්ත්වයෙන් බාල බෙහෙත් වර්ග සැපයීම හේතුවෙන් ලියාපදිංචිය අවලංගු කර අසාදු ලේඛනයට ඇතුළත් කළ එක්‌තරා බෙහෙත් සමාගමක්‌ ද අදාළ ලැයිස්‌තුවෙන් ඉවත් කර එම සමාගමෙන් බෙහෙත් මිල දී ගැනීමට ද බලධාරීන් කටයුතු කර ගෙන යන බව එම වෘත්තීය සමිති කියා සිටී.

තහනමට ලක්‌ කළ බෙහෙත් සමාගම් 4 කට අධික සංඛ්‍යාවක එම තහනම මේ වන විට ඉවත් කර ඇති බව ද වාර්තා වේ. සාමාන්‍යයෙන් අසාදු ලේඛනයට ඇතුළත් කෙරෙන බෙහෙත් සමාගමක්‌ අවම වශයෙන් වසර දෙකක කාලයක්‌වත් එම ලේඛනයෙහි තබාගත යුතු වුවද, විවිධ බලපෑම් මත මාස හයක්‌ ගත වීමටත් පෙර එම සමාගම් සිය තහනම ඉවත් කරගෙන ඇති බව එම වෘත්තීය සමිති වැඩිදුරටත් කියයි.
 

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger