Wednesday, November 20, 2013
මසකට රු.ලක්‍ෂ 5 ක් ගිලින අලුත් නි. ඇමැතිවරයෙක්....!
අලුතෙන් වැඩ බාරගත් නියෝජ්‍ය ඇමැතිවරයකු රජයේ ගොඩනැඟිලි පහසුකම් තිබියදීත් සිය නිල කාර්යාලය පවත්වා ගෙන යැම සඳහා මසකට රුපියල් ලක්‍ෂ පහක් ගෙවා කොළඹ 7 ප්‍රදේශයෙන් කුලී පදනම මත නිවසක් ගෙන ඇත.
මේ සඳහා මේ වන විටත් අමාත්‍යාංශ මුදලින් මාස හයක් සඳහා රුපියල් තිස් ලක්‍ෂයක මුදලක් ගෙවා ඇතැයි අදාළ අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙකු 'දිවයින ඉරිදා සංග්‍රහය' ට පැවැසීය.
මෙම නියෝජ්‍ය ඇමැතිවරයාගේ අමාත්‍යාංශයට අයත් ප්‍රධානතම සහ එකම ආයතනය 2012 වර්ෂය තුළදී පමණක් රුපියල් කෝටි 500 ක වාර්තාගත අලාභයක් ලබා තිබේ.
මෙම නියෝජ්‍ය ඇමැතිවරයා ඇමැති ධුරය දරන අමාත්‍යාංශයට කොළඹ නගරය තුළ තට්‌ටු නවයක ගොඩනැඟිල්ලක් තිබෙන අතර එවැනි පසුබිමක් තුළ මහජන මුදල් මෙලෙස කාබාසිනියා කිරීම පිළිබඳව වෘත්තීය සමිති සහ අදාළ අමාත්‍යාංශයේ සේවකයෝ දැඩි විරුද්ධත්වය පළකරති.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment