ඊලාම් රාජ්‍යයක් බිහි කිරීමේ දිශාවට යොමු වෙමින් දෙමළ බෙදුම්වාදය පෝෂණය කරමින් දෙමළ ජාතික සංධානය විසින් ඉදිරිපත් කර ඇති උතුරු පළාත් මැතිවරණ ප්‍රකාශය සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් ගෝඨාභට රාජපක්ෂ මහතා විසින් විරෝධය පළ කිරීම ජවිපෙට අනුබද්ධ ජාතික භික්ෂු පෙරමුණේ සභාපති දඹර අමිල හිමියන්ගේ විවේචනයට ලක් වී තිබේ.
පසුගියදා මාධ්‍ය හමුවකට එක් වෙමින් දඹර හිමියන් පවසන්නේ වෙල්ලියාමුල්ලි වයික්කාල් වලින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාර්‍ය භාරය අවසන් බවත් දැන් හමුදා බැරැක්කවකට යවා ආරක්ෂක ලේකම්වරයා කාර්‍යාලය තුලට වී සිටිය යුතු බවයි.
එම මාධ්‍ය හමුවේ අදහස් පළ කරන දඹර අමිල හිමියන් ‘දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කරපු බෙදුම්වාදී ප්‍රතිපත්ති ප්‍රකාශයට ප්‍රතිචාර දක්වන්න ඕන ඔවුන්ගේ මතයට තකට තක ඉඳීමෙන් නෙවෙයි. අප දැක්ක ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබුනා ‘මතක තියා ගන්න .සෙල්ලම් හරියන්නේ නෑ. මේක ලංකාව බව මතක තබා ගත යුතුයි’ කියල.ඒකෙන් අදහස් කරන්නේ දෙමළ ජනයා උතුරේ ඉන්නේ අපේ අනුකම්පාව නිසා කියල.ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රකාශයෙන් කියවෙන්න උතුර ලංකාවේ කොටසක් නොවන බව.
ආරක්ෂක ලේකම්වරයා වෙල්ලියාමුල්ලි වයික්කාල් වල ජයග්‍රහණයේ ආස්වාදයෙන්ම පමණක් සලකල්යි මෙවැනි ප්‍රකාශ කරන්නේ. ඔහු මතක තබා ගත යුතුයි වෙල්ලියාමුල්ලි වයික්කාල් වලින් ඔහුගේ කාර්‍ය භාරය අවසන් උන බව.ඉන් පසු ඔහු දැනගත යුතුයි හමුදා බැරැක්කවලට සීමා කරල ඔහු කාර්‍යාලයේ රැඳී සිටින්න.රෙද්ද උස්සගෙන මෙහේ කෑ ගහල හරියන්නේ නෑ..” යනුවෙන් අදහස් පළ කලේය.
ආරක්ෂ ලේකම්වරයාගේ ක්‍රියා කලාපය එල්ටීටීඊය ක්‍රියාකාරීව සිටි සමයේ සිට එල්ටීටීඊයේ දැඩි විරෝධයට ලක් වූ අතර ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් ආරම්භයටත් පෙරම ඔහු ඝාතනය කිරීමට එල්ල කල මාරක බෝම්බයෙන් අනූ නමයෙන් දිවි ගැලවිණ.පසුගිය සමයේ ආරක්ෂක ලේකම්වරයා අක්‍රිය කිරීමට බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටි රාජ්‍ය නොවන සංවිධාන ඇතුලු පාර්ෂව ගනනාවක් දැවැන්ත ප්‍රචාරක වැඩපිළිවෙලක් ගෙන ගියේය. දඹර අමිල හිමියන් ජවිපෙට අනුබද්ධ භික්ෂු සංගමයේ මූලිකත්වය දරන අතර පසුගියදා අසාර්ථක වූ විශ්ව විද්‍යාල ආචාර්‍ය වැඩ වර්ජනයේදීද එහිමියන්ගේ කාර්‍යභාරය කැපී පෙනින.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment