Thursday, September 26, 2013
ඡන්ද පත්‍රිකා අඩංගු ගෝනි දෙකක්...
වයඹ පළාත් සභා ඡන්දයේ මධ්‍යස්ථානයක් වූ පුත්තලම ශාන්ත ඇන්ඩෘ විදුහල් ශාලාවක තිබී ලකුණු කළ ඡන්ද පත්‍රිකා අඩංගු ගෝනි දෙකක් සොයා ගැනීමත් සමග පරාජිත අපේක්ෂකයන් ද සිය ගණනක් මහජනයා ද එහි රැස්වීමත් සමග එහි කළබලයක් ඇති විය.
එහි පැමිණි පුත්තලම දිසාපති හා තේරීම් භාර නිලධරයා වූ කිංස්ලි ප්‍රණාන්දු මහතා සහ සහකාර මැතිවරණ නිලධාරී සුමිත් චන්දන මහතා පැවසුවේ ඡන්ද ගණන් කිරීමෙන් පසුව මළු වලට ඇසිරූ ඡන්ද පත්‍රිකාවලින් ගෝනි දෙකක් රැගෙන යෑමට අමතක වී ඇති බවයි.
නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ප්‍රණාන්දු මහතා එහ ස්ථානයට පැමිණ සිටියහ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ද, එක්සත් ජාතික පක්ෂයේ ද ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ද, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පරාජිත අපේක්ෂකයෝ එහි පැමිණ සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා සිටියහ.
Subscribe to:
Post Comments
(
Atom
)



Post a Comment