BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Thursday, August 15, 2013

දයාසිරිට අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලැබෙන නිසා කුරුණෑගලදී හැර ගහන්න එපා,


කුරුණෑගල දිස්ත්‍රික්කයේදී හැර අනෙකුත් දිස්ත්‍රික්කවලදී පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතාට එරෙහිව කතා කිරීමෙන් වළකින ලෙස එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.



එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී රනිල් වික්‍රමසිංහ මහතා එජාප මන්ත්‍රිවරුන්ට මෙලෙස උපදෙස් දී ඇති අතර එමඟින් සිදුවන්නේ දයාසිරි ජයසේකර මහතා තවත් ප්‍රසිද්ධියට පත්වීම පමණක් බවද මෙහිදී අවධාරණය කර ඇත.

මේ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී හරීන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා පවසා ඇත්තේ දයාසිරි ජයසේකර මහතාට දිගින් දිගටම පහර ගැසිය යුතු බවයි.
එහිදී සුජීව සේනසිංහ මන්ත්‍රිවරයා පවසා ඇත්තේ එමඟින් දයාසිරි ජයසේකරට අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලැබෙන බවයි. රනිල් වික්‍රමසිංහ මහතාද මේ අදහස පිළිගෙන ඇත.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger