BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Monday, August 5, 2013

අධ්‍යාපන අමාත්‍යාංශයටත් කම්පියුටර් ජිල්මාට්‌ එකක්‌

අධ්‍යාපන අමාත්‍යාංශය සමග ගිවිසුම් ගතව වසර පහක වගකීමක්‌ ලබාදෙන බව පවසමින් රුපියල් මිලියන 572 ක්‌ වටිනා පරිගණක පන්දහසක්‌ සැපයූ පෞද්ගලික ආයතනය වසර දෙකක්‌ යැමටත් පෙර සම්පූර්ණයෙන් වසාදමා ඇතැයි ලංකා ගුරුසේවා සංගමය පවසයි.


නාවල පාර නුගේගොඩ ලිපිනයෙහි පවත්වාගෙන ගිය එම ආයතනය ජුලි 31 වැනිදා සියලු සේවකයන් ඉවත් කර වසා දමා ඇතැයි ලංකා ගුරුසේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා ඊයේ (01 වැනිදා) පැවසීය.

2010 වසරේ අගෝස්‌තු සහ ඔක්‌තෝබර් මාසවලදී එවකට සිටි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සුනිල් එස්‌. සිරිසේන, අතිරේක ලේකම් අනුර දිසානායක සහ තවත් නිලධාරිනියකගේ අනුමැතිය සහිතව කිසිදු වගකීමක්‌ නොමැති පරිගණක ආයතනය සමග ගිවිසුම් ගතවී මෙම පරිගණක ලබාගෙන ඇතැයි ද හෙතෙම කීය.

ලබාගත් පරිගණක 5000 දිවයින පුරා පාසල් දහසකට පරිගණක 05 බැගින් ලබාදී ඇත. ඉන් පරිගණක 700 ක්‌ පමණ විවිධ දොaෂ නිසා එම ආයතනයට ලබාදී ඇතත් ඒවා අලුත්වැඩියා කර පාසල්වලට ලබාදී නැතැයි ද ජයසිංහ මහතා අවධාරණය කර සිටියේය.

මේ සම්බන්ධයෙන් අදාළ විදුහල්වල විදුහල්පතිවරුන් එම ආයතනයෙන් විමසීමේදී කිසිවෙක්‌ නොමැති බවත්, නිලධාරියෙක්‌ පැමිණියහොත් පාසලට දුරකථන ඇමතුමක්‌ ලබාදෙන ලෙස පවසා පාසල් දුරකථන අංක ලබාගැනීම පමණක්‌ ආයතනය වසාදමන තෙක්‌ සිදුකර ඇති බවත් හෙතෙම කීවේය.

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ගිවිසුම් ගතවීමේදී අදාළ ආයතනය පරිගණක සැපයීම, නඩත්තු කිරීම, ජාලගත කිරීම සහ අලුත්වැඩියාව වසර පහක්‌ යන තෙක්‌ සිදුකරන බවට වගකීම භාරගෙන ඇතැයි ජයසිංහ මහතා කීය.

මිලියන පන්සිය හැත්තෑදෙකක්‌ අසූ පන්දහසක්‌ වන මෙම ගනුදෙනුව නිසා ප්‍රමිතියෙන් තොර පරිගණක ලබාගැනීමෙන් පසු පරිගණක ජාල මගින් සිදු කරමින් තිබූ පාසල් පරිපාලනය පවා කඩා වැටී ඇතැයි ද කී ජයසිංහ මහතා මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් වරයාට (01 වැනිදා) පැමිණිලි කර ඉන් විමර්ශනයක්‌ නොවන්නේ නම් අල්ලස්‌ කොමිසම හමුවට පැමිණිලි කරන බවද වැඩිදුරටත් අවධාරණය කර සිටියේය. පරිගණක දොaෂ සහිතව පවතින පාසල්වල තොරතුරු 071-8014788 ලාල් කුමාර මහතාට දැනුම්දිය හැක.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger