ශ්‍රී ලංකාවේ පවතින සැබෑ තත්ත්වය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවි පිල්ලේ මෙම 26 වැනිදා දින හයක සංචාරයක් සඳහා මෙරටට පැමිණේ.
ඇගේ මෙම සංචාරයේ අරමුණ වී ඇත්තේ උතුරේ පළාත් සභා මැතිවරණය අවතැන් වූවන් පදිංචිකරවීමේ වැඩ පිළිවෙල, අතුරුදන් වූවන්ගේ ප්‍රශ්නය, කොටි ස්‌මාරක ඉවත් කිරීම බෞද්ධ සිද්ධස්‌ථාන ඉදි කිරීම, මානව හිමිකම් උල්ලංඝනය කිරීම, යාපනයේ කොටි හිතවාදී සිසුන්ට කොටින්ව සැමරීමට ඉඩ නොදීම, මාධ්‍ය හා වෙබ් අඩවිවලට තර්ජනය එල්ල වී ඇද්ද යන කරුණු ගැන විමර්ශනය කිරීමට යයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය. නවි පිල්ලේ මෙරට නතර වී සිටින කාලය තුළ මෙරට රාජ්‍ය නොවන සංවිධාන හා උතුරේ විවිධාකාර සංවිධානද ද්‍රවිඩ සන්ධානය ඇතුළු දේශපාලන පක්‍ෂ ප්‍රධානීන් සමගද සාකච්ඡා පැවත්මට තීරණය කර ඇත.
ඇගේ ශ්‍රී ලංකා සංචාරය ගැන ඇය බ්‍රිතාන්‍යයේ තමිල්ඕසි නමැති බී. බී. සී. ගුවන් විදුලි සේවය අමතමින් හෙළි කර තිබේ.
මෙම ශ්‍රී ලංකා සංචාරයෙන් පසු සැප්තැම්බර් 9 සිට 27 දා දක්‌වා ජිනීවා නුවර පැවැත්වෙන 24 වැනි මානව හිමිකම් සැසිවාරය වෙත ඇය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කිරීමටද ක්‍රියා කරන බව ආරංචි මාර්ග පවසයි.
නවි පිල්ලේගේ උතුරු නැගෙනහිර සංචාරය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා භාවිතා කිරීම ප්‍රතික්‍ෂේප කර පුද්ගලික හෙලිකොප්ටර් යානාවක යැමට කැමැත්ත පළ කර ඇත.
රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එරෙහිව සාවද්‍ය ප්‍රචාරයන් දියත් කර තිබීම නිසා ඇය එලෙස පුද්ගලික හෙලිකොප්ටර් යානාවක ගමන් කිරීමට එකඟ වී ඇති බව වාර්තාවේ.
මානව හිමිකම් කොමසාරිස්‌වරිය යාපනය, කිලිනොච්චිය, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ මුලතිව් යන ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතය.
මේ අතර කොළඹ සහ යාපනයේ රාජ්‍ය නොවන සංවිධාන දහයක් ඇයට සාවද්‍ය තොරතුරු ඇතුළත් වාර්තා ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටින බවට බුද්ධි අංශවලට වාර්තා වී ඇත.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment