ෆෙඞ්රික් නියුමාන් පදනම නම් ජර්මානු ආධාර යටතේ මෙරට ක‍්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානයේ මෙරට නියෝජිතවරිය වන සාගරිකා දෙල්ගොඩ පසුගිය ඉරිදා විදෙස්ගත වීමට සූදානම්ව සිටියදී කටුනායක ගුවන්තොටුපොළේ දී රහස් පොලිසිය භාරයට ගෙන ප‍්‍රශ්න කොට මුදා හැර ඇති අතර රටින් පිටවීම තහනම් කොට තිබේ.
මීට පෙර රහස් පොලිස් භාරයට ගත් අවස්ථාවේ දී දෙන ලද රටින් පිට නොවීමේ නියෝගය නොතකමින් විදේශගත වීමට තැත් කළ නිසා ඇය මෙලෙස රහස් පොලිස් භාරයට ගෙන ඇති බව
පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇය කොළඹ අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවේ මූලස්ථානයට රැගෙන විත් දීර්ඝ ලෙස පැය ගණනාවක් ප‍්‍රශ්න කර මුදා හැර ඇති අතර ෆෙඞ්රික් නියුමාන් පදනමට එරෙහිව ඇති චෝදනා විභාගකොට අවසන් වන තෙක් ඇයට විදෙස්ගතවීම තහනම් කොට ඇත .
එම පදනමට එල්ල වී ඇති චෝදනා වන්නේ රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණ සහ එල්.ටී.ටී.ඊ. දෙමළ ඩයස්පෝරාවට සෘජුව සම්බන්ධ වී ක‍්‍රියා කිරීම යන ඒවාය.
පසුගිය කාලයේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරුන්ටද මෙම රාජ්‍ය නොවන සංවිධානය විසින් විශේෂ පන්ති පවත්වා තිබේ. එහිදී රජය පෙරළන ආකාරය පිළිබඳව මන්ත‍්‍රීවරු දැනුවත් කර තිබේ.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී්ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment