- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Sunday, June 9, 2013
බෞද්ධ සංවිධාන 37කින් අලුත් පෙරමුණක්
සිංහල බෞද්ධ බලවේග ප්‍රමුඛ ජාතික සංවිධාන 37ක් එකතුවී 'පළාත් සභා විරෝධී ජාතික එකමුතුව' නමින් අලුත් සංවිධානයක් ජාතික හෙළ උරුමයේ මැදිහත්වීමෙන් පිහිටුවා ගෙන තිබේ.
පළාත් සභා අහෝසි කිරීමේ සටන ශක්තිමත් කරමින් සමාජය තුළ දේශපාලන රැල්ලක් ඇතිකොට එමඟින් පාර්ලිමේන්තුවට බලපෑමක් ඇතිකිරීම නව එකමුතුවේ අරමුණ බව කැඳවුම්කරු වන ජාතික හෙළ උරුමය පවසයි.
13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් පළාත් සභාවලට ලබාදී ඇති බලතල කප්පාදු කිරීමට අදාළ ප්‍රතිඥාවක්ද එම සංවිධාන විසින් ලබාදී ඇති අතර දිවයින පුරා ප්‍රධාන නගරවලදී පළාත් සභා විරෝධී මහජන රැලි පැවැත්වීමටද ඒකමතිකව තීරණය කර ඇත. ශ්‍රී ලංකා බෞද්ධ සම්මේලනය, බෞද්ධ කාන්තා සම්මේලනය, බොදු බල සේනා, සිහළ රාවය, රාවණා බලය ජාතික සංඝ සම්මේලනය, දේශප්‍රේමී භික්‍ෂු පෙරමුණ ඇතුළු සංවිධාන මෙන්ම දේශීය ව්‍යාපාරික ආයතන ප්‍රධානීහු සහ විද්වත්හු රැසක්ද මෙම එකමුතුව පිහිටුවා ගැනීමේ අවස්ථාවට සහභාගි වී සිටියහ.
කොළඹ කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයේදී පසුගිය 6 වැනිදා මෙම ජාතික එකමුතුව පිහිටුවාගත් අතර අතුරලියේ රතන හිමි සහ උදය ගම්මන්පිල යන ජාතික හෙළ උරුමයේ නායකයෝ මෙහි මූලිකත්වය ගෙන කටයුතු කළහ.
පළාත් සභා සතු පොලිස් බලතල ඉවත් කිරීම, ඉඩම් බලතල ඉවත් කිරීම, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන පනත් කෙටුම්පත්වලට පළාත් සභා අනුමැතිය අවශ්‍යය යන්න ඉවත් කිරීම, පළාත් සභා ඒකාබද්ධ කිරීම වැළැක්වීම යන කරුණු සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමුකෙරිණි.
පළාත් සභා විරෝධී මහජන රැළි මාලාවේ පළමුවැන්න භික්‍ෂුන් වහන්සේ 5,000කගේ හා 20,000ක මහජනතාවගේ සහභාගිත්වයෙන් මේ මස අවසානයේදී කොළඹදී පවත්වා මේ පිළිබඳ සමාජයේ ඇති උනන්දුව දේශපාලනඥයන්ට පෙන්වා දීම තමන්ගේ අරමුණ බව පළාත් සභා විරෝධී ජාතික එකමුතුවේ ප්‍රකාශකයෙක් 'මව්බිම'ට පැවැසීය.
ශාලික විමලසේන
උපුටා ගැනීම මව්බිමෙන්
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment