- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී්ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Sunday, May 19, 2013
කතරගම-බුත්තල මාර්ගයට බඩගිනි අලි වීදි බසී
කතරගම බුත්තල මාර්ගයේ යන එන රථවාහන වෙත කෑම ඉල්ලා රථවාහන නවත්වන අලින් නිසා ජනයා මේ දිනවල දැඩි ලෙස පීඩාවකට පත්ව ඇත.
මේ වන විට කෑම ඉල්ලා මාර්ගයේ මැදට පැමිණෙන මේ අලින් කුමන හෝ කෑමක් ලබාදෙන තෙක් මාර්ගය හරස් කරමින් සිටින අතර මේ හේතුව මත මේ මාර්ගයෙන් ගමන් ගන්නා වන්දනාකරුවන්ද දැඩි පීඩාවකට පත්ව සිටිති.
කොටි ත්‍රස්තවාදීන් යාල ප්‍රදේශයේ සිටි සමයේදී වන අලියකු වෙත කෑම ලබාදී රාජා නමද යොදා ඇති අතර මේ අලියා එම පුරුද්දට අනුව මේ කෑමට හුරුව තිබේ.
මේ අලියාගේ ක්‍රියාකාරකම් අනුව තවත් අලින් කීප දෙනකුද මේ මාර්ගයේ කෑම සිඟමනේ යෙදීමට හුරුව ඇති අතර මේ අලි විසින් මේ වන විට පුද්ගලයන් 4දෙනකුට පහර දී ඇත.
මෙයට අමතරව ත්‍රීවීල් ඇතුළු රථ වාහන රැසකට පහරදී ඇති අතර දිනපතා මේ මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන හිමියන් විශාල කාලයක් මාර්ගයේ රස්තියාදු වන බව රථ වාහන හිමියෝ පවසති. මේ මාර්ගයේ සිටින අලින් අල්ලා යාල අංක 1 කලාපයට රැගෙන ගොස් අතහැරිය බවත් නැවත සුපුරුදු මාර්ග ඔස්සේ මේ අලින් මේ මාර්ගය වෙත පැමිණිය බව උෟව පළාත් වනජීවී සහකාර අධ්‍යක්ෂ සිසිර කුමාර මහතා පැවැසීය.
මේ මාර්ගය වැටී ඇත්තේ යාල අංක 3 කලාපයට බැවින් මේ මාර්ගය වන සතුන්ට අයත් ප්‍රදේශයක් බැවින් අලින්ට කෑම නොදෙන ලෙස ජනයාගෙන් ඉල්ලා සිටින බව සිසිර කුමාර මහතා පවසයි.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment