- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Friday, May 17, 2013
දෙදරු මවකට අතවර කළැයි කරන්දෙණිය ප්‍රාදේශීය සභා සන්ධාන මන්ත්‍රී රිමාන්ඩ්
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසට ඇල්පිටිය මහෙස්‌ත්‍රාත් කේසර සමරදිවාකර මහතා ඊයේ (15 වැනිදා) නියෝග කළේය. මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ එක්‌සත් ජනතා සන්ධාන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වන ඌරගස්‌මන්හන්දිය ගොවිජන සේවා මධ්‍යස්‌ථානයේ කෘෂිකර්ම, පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරියකු වන වල්ලිගුරු, ඉඟුරුකැටිය ලිපිනයෙහි පදිංචි ගාල්ලගේ ජයන්ත සුරවීර (40) නමැති දෙදරු පියෙකි.
බෙන්තොට, මිරිස්‌වත්ත, සව්සිරි උයන ලිපිනයෙහි පදිංචි දෙදරු මවක විසින් ඉකුත් 10 වැනිදා රාත්‍රියේ මේ පහරදීම සහ ලිංගික අතවර සිද්ධිය පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දීමෙන් අනතුරුව ඌරගස්‌මන්හන්දිය පොලිසිය පරීක්‍ෂණ පැවැත්වුවත් සැකකාර මන්ත්‍රීවරයා පොලිසිය මඟහැර සිට ඇත. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා විසින් බලහත්කාරයෙන් අතවර කිරීමේදී තමා ඇඳ සිටි ඇඳුම් ඉරා දැමූ බවට පොලිසියට පැමිණිලි කළ ඇය ඉරා දමා තිබූ ඇඳුම් ද පොලිසියට ඉදිරිපත් කර තිබේ. ඇල්පිටිය කොට්‌ඨාස භාර පොලිස් අධිකාරි කේ. ඩී. අතුල වීරසිංහ මහතාගේ උපදෙස් මත ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරි (û) ආනන්ද සමරසේකර මහතාගේ අධීක්‍ෂණය මත ඌරගස්‌මන්හන්දිය පොලිස් ස්‌ථානාධිපති පොලිස් පරීක්‍ෂක නිශ්ශංක සිල්වා, උප පොලිස් පරීක්‍ෂක උදයංග, පොලිස් පරීක්‍ෂක රුද්‍රිගෝ, කොස්‌තාපල්වරුන් වන සුරංග ඇතුළු පොලිස් නිලධාරීහු පරීක්‍ෂණ පවත්වති. ඇල්පිටිය - කේ. සී. විදානආරච්චි
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment