- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Saturday, May 25, 2013
අවි පෙන්නා බිය ගන්වා ලක්ෂ 65ක් වටිනා ගම්මිරිස් තොගයක් පැහැර ගෙන
බුත්තල මහගොඩයාය ප්‍රදේශයේ පිහිටි ගම්මිරිස් මිලදී ගැනීමේ හා ගම්මිරිස් වියැළීමේ වෙළෙඳ ආයතනයකට ඊයේ (24දා) අලුයම පොලිසියෙන් යැයි පවසා ඇතුළු වූ අවිගත් කණ්ඩායමක් මුදලින් රුපියල් පන්ලක්ෂ තිස්පන්දහසක් හා රුපියල් ලක්ෂ හැටපහක් පමණ වටිනා ගම්මිරිස් ගෝනි එකසිය පනහක් කොල්ලකා ඇතැයි පොලිසිය පවසයි.
රාත්‍රි 12.00-1.00 ත් අතර කාලයේදී අවි ආයුධ රැගත් තිදෙනකු වෙළෙඳ ආයතනයට කඩාවැදී අපි පොලිසියෙන් උඔලා ගම්මිරිස් කොළඹට රැගෙන යන ගමන් ගංජා ගෙනයන බවට තොරතුරු ලැබී තිබෙනවා. ගබඩාව ඇතුළු සියලු දේ පරීක්ෂා කරන්න ඕනෑ කියා ගබඩා සංකීර්ණයට ඇතුළු වී ඇත.
ඒ සමඟම තවත් කිහිපදෙනකුද එහි ඇතුළු වී සේවකයන් සියලු දෙනා එක තැනකට කැඳවා ඔවුන්ට ළඟ තිබූ ජංගම දුරකතන කොල්ලකරුවන් භාරයට ගෙන ඇත. අනතුරුව ඔවුන්ගේ කටවල් වසා ප්ලාස්ටර් අලවා තිබේ.
එම සේවකයන් ලවාම එහි තිබූ ගම්මිරිස් සියල්ල ගෝනිවලට දමා ට්‍රක් රථ දෙකකට පටවාගෙන පලාගොස් ඇත.ගම්මිරිස් මිලදී ගැනීමේ හා වියැළීමේ වෙළෙඳ ආයතනය මැදගම 10 කණුව පදිංචි මොහොමඩ් අබ්දුල් ලමී නමැත්තකුට අයත් වූවකි.
උෟව පළාත් නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත මොනරාගල පොලිස් අධිකාරි ලයනල් ගුණතිලක මහතාගේ උපදෙස් පිට බුත්තල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment